Home » නිකවැරටිය ඔරලෝසුවේ වෙලාව නැවතිලා

නිකවැරටිය ඔරලෝසුවේ වෙලාව නැවතිලා

by sachintha
January 22, 2025 1:55 am 0 comment

නිකවැරටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව දීර්ඝ කාලයක සිට අක්‍රියව පවතින අතර මේ හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම නගරයට පැමිණෙන ජනතාවට ද වේලාව බලාගැනීමට නොහැකිවී ඇති බව එම ජනතාව පවසති. මීට පෙර ද දිගු කලක් මෙම ඔරලෝසු කණුව අක්‍රියව පැවති අවස්ථාවේ නිකවැරටිය වෙළෙඳ සංගමය එය අලුත්වැඩියා කර තිබූ අතර යළි එය අක්‍රිය වී කලක් ගත වුවත් මේ දක්වා ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බව ද ඔවුහු පවසති. රැකියාවලට යන පිරිස්, පාසල් සිසුන්, වෙනත් අවශ්‍යතා සඳහා පැමිණෙන පිරිස් ඇතුළු විශාල ජනතාවක් දෛනිකව නිකවැරටිය නගරයට පැමිණෙන අතර ජනතාවගේ පහසුව සඳහා නගරයට වේලාව දැක්වෙන ඔරලෝසු කණුවක් අවැසි බව ද එම ජනතාව පෙන්වා දෙති. එසේම වේලාව නොමැති ඔරලෝසු කණුවක් නගර මධ්‍යයේ තිබීම නගර අලංකරණයට ද බාධාවක් වන බැවින් මෙම ඔරලෝසු කණුව ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT