භවය තරණය කිරීමටත්
දෙවියන්ට ළං වීමටත්
අපට නොහැකිය
මන්ද
අප සාමාන්‍ය අය වෙමු
පෙර භවයේදි
කුසල් අකුසල් කළාදෝ
නොදනිමු
මේ භවයේ තාත්විකව ජීවත්වෙන
අප සාමාන්‍ය අය වෙමු
පරම ආත්මයද, පරිශුද්ධ ආත්මයද
නැකැත් නොනැකැත් ද
නොදත් අප
කුසගිනි නම් ආත්මය පමණක් දනිමු
ස්වර්ගය, නිරය නොදනිමු
ස්වභාධර්මය නම් ස්වර්ගය දන්නා
භක්ති මග ශක්ති මග කළ
රහත් වන මග නොව
සමානාත්මක මග දන්නා
අප සාමාන්‍ය අය වෙමු
පූර්වාදර්ශී ප්‍රතිරූප
යක්‍ෂ ප්‍රේතයන්
යන්ත්‍ර, මන්ත්‍ර නොව
නිදහස පමණක් දන්න
අප සාමාන්‍ය අය වෙමු
මේ ලෝ තලයේ
ජීවිතය ස්වභාවිකය
ස්ථීර නොවන වග කිසිවක්
අප හොඳින් දන්නෙමු
ඒ හරය තුළ පිහිටා
මායාව තුළ ගිලී
දුක් විඳිනා
මාතෘ භූමිය
ගලවා ගැනීමට පෙළ ගැසෙන
අප සාමාන්‍ය අය වෙමු
සටන් කරුවන් වෙමු
ඒ. ඩබ් අබ්දුල් අසීස්
(පොන්නියම් සෙල්වකුමාර්ගේ “සාමාන්‍යර්ගල්” කාව්‍ය නිර්මාණයේ සිංහල අනුවාදයකි.“විත්තියාසකර්” කවි එකතුවෙන් උපුටා ගන්නා ලදී.)