Home » සිංහ පැට­වුන්ට නම් දෙන්න…

සිංහ පැට­වුන්ට නම් දෙන්න…

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

සූරි­ය­වැව - නුවන් ජය­සේ­කර, ලුණම සමූහ - සනත් ගමගේ

එළ­ඹෙන නිද­හස් දා මහ­ජන ප්‍රද­ර්ශ­න­යට එක් කරන රිදි­ය­ගම සෆාරි උද්‍යා­නයේ අලුත උපන් සිංහ පැට­වුන් 06 දෙනාට නම් තැබී­මට මහ­ජ­න­තා­වට අව­ස්ථා­වක් උදාවී ඇත.   මීට මාස තුන­කට පෙර හම්බ­න්තොට, රිදි­ය­ගම සෆාරි උද්‍යා­න­යේදී උපත ලද සිංහ පැට­වුන් හය­දෙනා එළ­ඹෙන නිද­හස් දිනය දා මහ­ජන ප්‍රද­ර්ශ­න­යට එක් කරන අතර, ඊට ප්‍රථම මේ පැට­වුන් 06 දෙනාට නම් තැබී­මට බලා­පො­රොත්තු වන බවත් ඒ සඳහා ජන­තා­වට අව­ස්ථාව ලබා­දී­මට තීර­ණය කළ බවත් රිදි­ය­ගම සෆාරි උද්‍යා­නයේ සහ­කාර අධ්‍යක්ෂ හේමන්ත සම­ර­සේ­කර මහතා පැව­සීය.

හම්බ­න්තොට රිදි­ය­ගම සෆාරි උද්‍යා­නයේ සිටින “ඩෝරා” නමැති සිංහ ධේනු­ව­ටත් ඩෝරාගේ මව වන “ලාරා” නමැති සිංහ ධේනු­ව­ටත් දාව උපන් සිංහ පැට­වුන් හය දෙනාට මෙලෙස නම් තැබී­මට අව­ස්ථාව සලසා දී තිබේ.

උපත ලබා ඇති සිංහ පැට­වුන් 06 දෙනා අතර ගැහැනු පැට­වුන් පස් දෙනෙකු හා එක් පිරිමි පැට­වකු සිටී. මේ වන විට පැට­වුන්ට මාස තුනක් පමණ වන අතර, ඔවුන් ඉතා­මත් නීරෝ­ගිව පසු­වන බවත් ඔවුන් මවගේ කිරි­ව­ලට අම­ත­රව මාංශ වර්ග ද ආහා­ර­යට ගනි­මින් සිටින බවත් සෆාරි උද්‍යා­නයේ පශු වෛද්‍ය­වරු පැව­සූහ.

මේ වන විටත් සිංහ පැට­වුන්ට අවශ්‍ය එන්න­ත්ක­ර­ණද නිසි පරිදි ලබා දී ඇති අතර, ඔවුන් පෙබ­ර­වාරි 04 වැනිදා ජනතා ප්‍රද­ර්ශ­න­යට එක් කිරී­මට නිය­මි­තය.

මහ­ජන ප්‍රද­ර්ශ­න­යට ඉදි­රි­පත් කිරී­මට පෙර මේ සිංහ පැට­වුන්ට නම් තැබීමේ විරල අව­ස්ථාව මෙවර ජන­තා­වට ලබා­දී­මට සෆාරි උද්‍යා­නය සැල­සුම් කර ඇති අතර, ඒ අනුව රිදි­ය­ගම සෆාරි උද්‍යා­නයේ නිල ෆේස්බුක් පිටුව හරහා හෝ මැසෙ­න්ජර් පණි­වි­ඩ­යක් මඟින් මේ සිංහ පැට­වුන්ට නම් යෝජනා කළ හැකි බව මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් සහ­කාර අධ්‍යක්ෂ හේමන්ත සම­ර­සේ­කර මහතා පෙරේදා (21) පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT