Home » විධා­ය­කයේ නියෝග පිට නියෝග නිකුත් කර­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 48කදී අමෙ­රි­කාව හොල්ලයි

විධා­ය­කයේ නියෝග පිට නියෝග නිකුත් කර­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 48කදී අමෙ­රි­කාව හොල්ලයි

ප්‍රාන්ත 24කින් නඩුත් වැටෙයි

by Gayan Abeykoon
January 23, 2025 1:30 am 0 comment

ජන­ප­ති­ ධු­රයේ දිවු­රුම් දී පැය 48ක් ගත­වී­ම­ටත් පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විධා­ය­කයේ නියෝග පිට නියෝග නිකුත් කර­මින් අමෙ­රි­කාවේ මෙන්ම ජාත්‍ය­න්ත­ර­යේද දැඩි අව­ධා­න­ය­කට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නව ජනා­ධි­ප­ති­වරු සාම්ප්‍ර­දා­යි­කව පළමු දින 100 ඉලක්ක කර­මින් සිය මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කළ ද, ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු පැය 100 ඇතු­ළත වේග­වත් ආකා­ර­යෙන් ක්‍රියා­ත්මක වෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ධවල මන්දි­ර­යට ගිය පළමු දින­යේ­දීම ලෝක සෞඛ්‍ය සංවි­ධා­න­යෙන් ඉව­ත්වී­මෙන් හා සංක්‍ර­ම­ණි­ක­යන්ට දැඩි නීති පැන­වී­මෙන් ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක්වු ජනා­ධි­ප­ති­ව­රයා සිය දෙවැනි ධුර­ කා­ලය වඩාත් සංවි­ධා­නා­ත්ම­කව ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඔහු විසින් ගනු ලැබූ තීරණ අතර අමෙ­රි­කාවේ උපත ලබන විජා­ති­ක­යන්ට එරට පුර­වැ­සි­භා­වය අහිමි කිරීම සහ පැරිස් සම්මු­ති­යෙන් ඉව­ත්වීම මේ වන­විට ආන්දෝ­ල­න­ය­කට තුඩු දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජන්ම අයි­තිය තුළින් අමෙ­රි­කාවේ පුර­වැ­සි­භා­වය ලබා­දී­මට අව­සන් කිරී­මට ගත් තීර­ණ­යට අභි­යෝග කර­මින් ට්‍රම්ප් විරෝධී ඩිමො­ක්‍ර­ටික් පරි­පා­ල­නය යටතේ පව­තින එරට ප්‍රාන්ත 24ක් සහ නගර ගණ­නා­වක් නඩු පැව­රී­මට පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ. ගෝලීය උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 2ට වඩා අඩු මට්ට­මක පවත්වා ගනි­මින් දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට එරෙ­හිව සටන් කිරී­මට ලෝක ප්‍රජාව එක්ව පිහි­ටුවා ගත් පැරිස් සම්මු­ති­යෙන් ඉව­ත්වී­මට සිය පළ­මු­ ධුර කාල­යේ­දීද ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගෙන තිබූ අතර, ජෝ බයිඩ්න් ජන­ප­ති ­ධු­ර­යට පත්වී­මෙන් පසු අමෙ­රි­කාව නැවත එම සම්මු­ති­යට එක්වී සිටි­යේය. මෙක්සිකෝ බොක්ක අමෙ­රි­කානු බොක්ක ලෙස සංශෝ­ධ­නය කිරී­මත්, සංක්‍රාන්ති ලිංගි­ක­ත්වය ප්‍රති­ක්ෂේප කිරී­මත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 48 පැයේ ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් විධා­යක නියෝග අතර ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT