Home » ගාසා තීරයේ සටන් විරා­මය මැද බට­හිර ඉවු­රට ඊශ්‍රා­ය­ල­යෙන් ප්‍රහාර

ගාසා තීරයේ සටන් විරා­මය මැද බට­හිර ඉවු­රට ඊශ්‍රා­ය­ල­යෙන් ප්‍රහාර

පල­ස්තී­නුවෝ 9ක් මරු දකිති

by Gayan Abeykoon
January 23, 2025 1:28 am 0 comment

ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර ඓති­හා­සික සටන් විරා­මය ආර­ම්භ­වී­මෙන් දින තුන­කට පසුව ඊශ්‍රා­යල හමු­දා­වෙන් බට­හිර ඉවු­රට ප්‍රහා­ර­යක් එල්ල වී ඇති අතර, පල­ස්තීන ජාති­ක­යන් 9 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රා­ය­ල­යට අයත් බට­හිර ඉවුරේ ජෙනින් නුවර දැවැන්ත ත්‍රස්ත විරෝධී මෙහෙ­යු­මක් වශ­යෙන් එම ප්‍රහා­රය එල්ල කළ බව ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

බට­හිර ඉවු­රට ප්‍රහාර එල්ල කර­මින් හෙලි­කො­ප්ටර් යානා සහ සන්නද්ධ ඩෝසර් යන්ත්‍ර­ව­ලින් සම­න්විත විශාල හමුදා කණ්ඩා­ය­මක් ජෙනින් නුවර සර­ණා­ගත කඳ­වුරු වැටලූ බව පල­ස්තීන මාධ්‍ය උපුටා දක්ව­මින් බිබීසී පුවත් සේවය සඳ­හන් කළේය. ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් 35 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT