ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඓතිහාසික සටන් විරාමය ආරම්භවීමෙන් දින තුනකට පසුව ඊශ්‍රායල හමුදාවෙන් බටහිර ඉවුරට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, පලස්තීන ජාතිකයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලයට අයත් බටහිර ඉවුරේ ජෙනින් නුවර දැවැන්ත ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් වශයෙන් එම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බටහිර ඉවුරට ප්‍රහාර එල්ල කරමින් හෙලිකොප්ටර් යානා සහ සන්නද්ධ ඩෝසර් යන්ත්‍රවලින් සමන්විත විශාල හමුදා කණ්ඩායමක් ජෙනින් නුවර සරණාගත කඳවුරු වැටලූ බව පලස්තීන මාධ්‍ය උපුටා දක්වමින් බිබීසී පුවත් සේවය සඳහන් කළේය. ප්‍රහාරයෙන් පුද්ගලයන් 35 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.