Home » උදෑසනට කෝපි පානයෙන් ලැබෙන විශ්මිත වාසියක් – නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

උදෑසනට කෝපි පානයෙන් ලැබෙන විශ්මිත වාසියක් – නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

by chanaka
January 23, 2025 3:46 pm 0 comment

උදෑසන කෝපි පානය කිරීම තුළින් හෘද රෝග ඇතිවීමේ අවදානම සහ හෘද රෝගවලින් මිය යාමේ අවදානම අඩු කළ හැකි බවට මෑතකදී කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

අමෙරිකාවේ නිව් ඔර්ලියන්ස් හි ටියුලේන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

1999 සහ 2018 අතර වර්ෂවලදී මෙම අධ්‍යයනය සිදු කර ඇත.

අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ සමීක්ෂණයට සහභාගී වූ වැඩිහිටියන් 40,725 දෙනෙකුගේ දත්ත මේ සදහා විශ්ලේෂණය කර ඇත.

මධ්‍යස්ථ කෝපි පානයෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්වන බව අතීත පර්යේෂණයන් සොයාගෙන ඇති අතර, මෙය “කෝපි පානය කරන කාල රටාවන් සහ සෞඛ්‍ය ප්‍රතිඵල පරීක්ෂා කිරීමේ පළමු අධ්‍යයනය” බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

පර්යේෂණයට අනුව, ඒ සදහා සහභාගී වූවන්ගෙන් 36% ක් උදෑසන කෝපි පානය කරන්නන් වන අතර 14% ක් දවස පුරා කෝපි පානය කරන්නන් වී ඇත.

මේ අනුව අදාළ පර්යේෂන කණ්ඩායම දශකයකට ආසන්න කාලයක් සහභාගී වූවන් අධ්‍යයනය කර ඇති අතර, එම කාල සීමාව තුළ ඔවුන්ගේ තොරතුරු වාර්තා සහ මරණවලට බලපෑ හේතු සොයා බලා තිබේ.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ උදෑසන කෝපි පානය කරන්නන් කෝපි නොබොන අයට වඩා හෘද රෝගවලින් මිය යාමේ සම්භාවිතාව 31%කින් අඩු බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT