Home » රථ­වා­හන වැරදි සොයන්න නව යෙද­වු­මක්

රථ­වා­හන වැරදි සොයන්න නව යෙද­වු­මක්

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

රථ­වා­හන වැරදි කරන රියැ­දු­රන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කිරීමේ ක්‍රියා­ව­ලිය කාර්ය­ක්ෂ­මව සහ නව තාක්ෂ­ණය ඔස්සේ පව­ත්වා­ගෙ­න­යෑම සඳහා නව මෘදු­කාං­ග­යක් පෙරේදා (21) හඳුන්වා දුන්නේය.

ප්‍රීමා කළ­ම­නා­ක­රණ පෞද්ග­ලික ආය­ත­නයේ දාය­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකා පොලී­සි­යට ලද එම මෘදු­කාං­ගය වැඩ බලන පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එළි­ද­ක්වනු ලැබීය.

මෙම­ඟින් දිව­යිනේ සිය­ලුම පොලිස් ස්ථාන සහ පොලිස් සීසී­ටීවී කොට්ඨා­සය ඒකා­බද්ධ වනු ඇත. තාක්ෂ­ණ­යෙන් පොලී­සිය බල­ගැ­න්වීමේ අර­මු­ණින් සිදු කරන වැඩ­ස­ට­හ­නක් ලෙස මේ කට­යුත්ත සිදු වන බව උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.

ඔහු වැඩි­දු­ර­ටත් මෙලෙස අද­හස් දැක්වීය.

“මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත පද්ධ­තිය සහ ශ්‍රී ලංකා පොලී­සිය මේ වන­විට ජාල­ග­තව ඇති නිසා යම් රථ­වා­හන වැරැ­ද්දක් සිදු කර පලා යන වාහ­න­යක ලියා­ප­දිං­චිය ඇතුළු සිය­ලුම තොර­තුරු ක්ෂණි­කව ගැනී­මට හැකි­යාව ලැබී තිබෙ­නවා.

ආර­ක්ෂක කැමරා පද්ධ­ති­යෙන් නිරී­ක්ෂ­ණය කර යම් මාර්ග නීති­යක් කඩ කරන වාහ­න­යක් හඳු­නා­ග­ත්විට වාහ­නයේ ලියා­ප­දිංචි අංකය ඔස්සේ එහි හිමි­කරු හඳු­නා­ග­න්නවා. පසුව එම හිමි­කරු පදිංචි ප්‍රදේ­ශයේ පොලිස් ස්ථාන­යට නව මෘදු­කාං­ගය ඔස්සේ සිදු කළ රථ­වා­හන වැරැ­ද්දට අදාළ ඡායා­රූ­ප­යක් ද යොමු කර නීතිය ක්‍රියා­ත්මක කර­නවා.

මෙහිදී ලියා­ප­දිංචි හිමි­කරු සතුව එම වාහ­නය නොප­ව­තින්නේ නම් ඒ සම්බ­න්ධ­යෙන් ද ක්‍රියා­ත්මක වීමට යම් වැඩ­පි­ළි­වෙ­ළක් අනු­ග­ම­නය කර­නවා. යම් වාහ­න­යක් එහි හිමි­ක­රුගේ නමින් ලියා­ප­දිංචි කර නොගෙන මුල් ලියා­ප­දිංචි හිමි­ක­රුගේ නමින්ම තබා­ගෙන සිටීම වර­දක්. ඉදි­රි­යේදී ඒ සම්බ­න්ධ­යෙන් ද නීතිය ක්‍රියා­ත්මක කර මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුව සමඟ සාකච්ඡා කර විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර­නවා.

වාහ­න­යක ආදා­යම් බල­ප­ත්‍රය ගැනී­මේදී රථ­වා­හන වැරදි සම්බ­න්ධ­යෙන් වූ දඩ මුදල් ලබා ගැනීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරීම කෙරෙහි ද අව­ධා­නය යොමුව තිබෙ­නවා.”

ප්‍රීමා කළ­ම­නා­ක­රණ පෞද්ග­ලික ආය­ත­නයේ සාමා­න්‍යා­ධි­කාරි ක්‍රිෂාන්ත පෙරේරා, අධ්‍යක්ෂ සුනිල් ලිනි­යා­ගොඩ, ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වන් වන ශාමින්ද ඉලං­ග­ති­ලක, රුවිර, රථ­වා­හන සහ අප­රාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රන්මල් කොඩි­තු­වක්කු, කොළඹ නියෝජ්‍ය පොලි­ස්පති එන්. පී. ලිය­නගේ, ආර­ක්ෂක කැමරා දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ටී. පී. ගම්ලත්, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චන්දන කොඩි­තු­වක්කු, පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීති­වේදී බුද්ධික මන­තුංග මහ­ත්වරු ඇතුළු නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT