Tuesday, May 6, 2025
Home » හොර ඔප්පු­වක් හදා කෝටි 37ක ඉඩ­මක් උකස් කළ අයෙක් රිමාන්ඩ්

හොර ඔප්පු­වක් හදා කෝටි 37ක ඉඩ­මක් උකස් කළ අයෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

බැංකු නිල­ධා­රි­යෙ­කුට අයත් නුගේ­ගොඩ කන්දෙ­වත්තේ පිහිටි රුපි­යල් කෝටි 37කට අධික වටි­නා­ක­මක් ඇති පර්චස් 57.5ක ඉඩ­ම­කට ව්‍යාජ ඔප්පු­වක් සක­ස්කර ඒය උක­ස්කර මුදල් වංචා­වක නිරත වූ පුද්ග­ල­යකු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මාලබේ, තලා­හේනේ පදිංචි ව්‍යාපා­රි­ක­යෙකු වන 61 හැවි­රිදි සැක­කරු නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පෙරේදා (21) ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව පෙබ­ර­වාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

බැංකු නිල­ධා­රි­යාගේ එම ඉඩම හිස් ඉඩ­මක් බවත් ඔහු ඒ ආස­න්න­යේම පදිං­චිව සිට ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT