48
බැංකු නිලධාරියෙකුට අයත් නුගේගොඩ කන්දෙවත්තේ පිහිටි රුපියල් කෝටි 37කට අධික වටිනාකමක් ඇති පර්චස් 57.5ක ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස්කර ඒය උකස්කර මුදල් වංචාවක නිරත වූ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාලබේ, තලාහේනේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 61 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බැංකු නිලධාරියාගේ එම ඉඩම හිස් ඉඩමක් බවත් ඔහු ඒ ආසන්නයේම පදිංචිව සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.