කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනුවෙන් ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් ලබාදී රජයට රුපියල් මිලියන 50ක් අහිමි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයැදුමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (22) ප්‍රතික්ෂේප කළාය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වන සජිත් වසන්ත වෙල්ගම නමැති අයෙකු නීතිඥයෙකු මාර්ගයෙන් ගොනු කළ අපේක්ෂිත ඇප ඉල්ලුමක් එසේ ප්‍රතික්ෂේප කෙරුණි.
මීට පෙර ද ඔහු මෙලෙස ව්‍යාජ සහතික නිකුත් කර ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කරන ලදි.