කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 26 වැනි මහලේ පිහිටි ආයතනයකින් ලැප්ටොප් පරිගණක 10ක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොටුව පොලීසිය ඒ සම්බන්ධයෙන් එරිත්‍රියානු ජාතිකයකු පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයා කොළඹ රැඳී සිටින බෝඩිම් කාමරයේ තිබී සොරාගත් ලැප්ටොප් 10 ද පොලීසිය සොයාගෙන තිබේ.
වයස අවුරුදු 24ක් වන මෙම විදේශිකයා 2017 වසරේ මෙරටට පැමිණ ඇති අයෙකි. කල්මුනකුඩි වෛද්‍ය රිදස්වි පාරේ ඔහු පදිංචිව සිටින බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම සැකකරු පසුගිය 17 වැනිදා රාත්‍රී කාලයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 26 වැනි මහලේ ඇති ව්‍යාපාරික ස්ථානයට ඇතුළුවී ලැප්ටොප් පරිගණක 10 සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.