Tuesday, May 6, 2025
Home » ලැප්ටොප් 10ක් සොරාගත් එරි­ත්‍රියා­නු­වකු මාට්ටු

ලැප්ටොප් 10ක් සොරාගත් එරි­ත්‍රියා­නු­වකු මාට්ටු

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍ය­ස්ථා­නයේ 26 වැනි මහලේ පිහිටි ආය­ත­න­ය­කින් ලැප්ටොප් පරි­ග­ණක 10ක් සොරා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ කොටුව පොලී­සිය ඒ සම්බ­න්ධ­යෙන් එරිත්‍රි­යානු ජාති­ක­යකු පෙරේදා (21) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම විදේ­ශි­කයා කොළඹ රැඳී සිටින බෝඩිම් කාම­රයේ තිබී සොරා­ගත් ලැප්ටොප් 10 ද පොලී­සිය සොයා­ගෙන තිබේ.

වයස අවු­රුදු 24ක් වන මෙම විදේ­ශි­කයා 2017 වසරේ මෙර­ටට පැමිණ ඇති අයෙකි. කල්මු­න­කුඩි වෛද්‍ය රිදස්වි පාරේ ඔහු පදිං­චිව සිටින බව විම­ර්ශ­න­ව­ලින් හෙළිවී ඇත.

මෙම සැක­කරු පසු­ගිය 17 වැනිදා රාත්‍රී කාලයේ ලෝක වෙළෙඳ මධ්‍ය­ස්ථා­නයේ 26 වැනි මහලේ ඇති ව්‍යාපා­රික ස්ථාන­යට ඇතු­ළුවී ලැප්ටොප් පරි­ග­ණක 10 සොරා­ගෙන ගොස් ඇති බව පොලී­සිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT