Home » කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවේ අද දුන් නියෝගය

කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවේ අද දුන් නියෝගය

by chanaka
January 23, 2025 3:32 pm 0 comment

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දුන්නේය.

2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දැනදැනම ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ආර් .එස්.එස් සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණි.

එම මූලික විරෝධතා වලට අදාළව අල්ලස් කොමිසම විසින් අද පිළිතුරු ලිඛිතව ඉදිරිපත් කර ඇත.

ඉන් අනතුරුව මේ පිළිබඳ නියෝගය ලබන 21වැනිදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නියෝග කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT