Sunday, May 11, 2025
Home » වැඩ අව­සන් නොකළ නිවාස ව්‍යාපෘති නිම කර­නවා – ඇමැති අනුර කරු­ණා­ති­ලක

වැඩ අව­සන් නොකළ නිවාස ව්‍යාපෘති නිම කර­නවා – ඇමැති අනුර කරු­ණා­ති­ලක

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

විවිධ නම්ව­ලින් ආරම්භ කර වැඩ අව­සන් නොකළ නිවාස ව්‍යාපෘ­ති­වල ඉදි­කි­රීම් අදි­ය­රෙන් අදි­යර නිම කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන බව නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් සහ නිවාස ඇමැති අනුර කරු­ණා­ති­ලක මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (22) පැව­සීය.

එසේ වැඩ අව­සන් නොකළ නිවාස 48,000ක් පමණ තිබෙන බවත් නිවාස සංව­ර්ධන අධි­කා­රිය සමඟ සාකච්ඡා කර ඒවායේ වැඩ අව­සන් කිරී­මට පිය­වර ගන්නා බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී ෂාන­ක්කි­යන් රාජ­පු­ත්ති­රන් රාස­මා­ණි­ක්කම් මහතා ඇසූ වාචික ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ණය ව්‍යාපෘ­තීන් නැවත ආරම්භ කර නිවාස නිම කර ගැනීම සඳහා ණය ලබා­දීම සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා පැවැ­ත්වීම සිදු කරන්නේ යැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT