විවිධ නම්වලින් ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් අදියරෙන් අදියර නිම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.
එසේ වැඩ අවසන් නොකළ නිවාස 48,000ක් පමණ තිබෙන බවත් නිවාස සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර ඒවායේ වැඩ අවසන් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ණය ව්‍යාපෘතීන් නැවත ආරම්භ කර නිවාස නිම කර ගැනීම සඳහා ණය ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.