60
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර හන්දියේදි ටයිල් ප්රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (23) පාන්දර පෙරලී යෑමෙන් මාර්ගය මුළුමනින්ම අවහිරවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කොළඹ සිට කන්ටේනරයේ ටයින් පටවා බදුල්ල බලා ධාවනය කරමින් සිටියදි වාහනය අනතුරට පත්ව ඇත.
මාර්ගය පුරා විසිරි තිබෙන කැඩී ගිය ටයිල් කැබලි හා පෙරලුන වාහනය ඉවත් කිරීමට පැය කිහිපයක් ගතවන බව පොලිසිය කියයි.
ඇල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.