Saturday, May 3, 2025
Home » වසරේ පළමු සති 03ට ඩෙංගු රෝගීන් 3499ක්

වසරේ පළමු සති 03ට ඩෙංගු රෝගීන් 3499ක්

by chanaka
January 23, 2025 11:12 am 0 comment

මෙම වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි. එම සංඛ්‍යාව 1576 කි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22 ක් දිවයිනෙන් හඳුනා ගෙන ඇති බව යි.

මේ වසරේ ඩෙංගු වැළදීමෙන් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT