Wednesday, May 7, 2025
Home » ටිපර්-යතු­රු­පැදි අන­තු­රින් පසු­පැ­දි­කරු මරුට

ටිපර්-යතු­රු­පැදි අන­තු­රින් පසු­පැ­දි­කරු මරුට

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ

කොළඹ  – නුවර ප්‍රධාන මාර්ගයේ කිරි­බ­ත්ගොඩ නග­ර­යේදී පෙරේදා (21) පස්ව­රුවේ ටිපර් රථ­යක් හා යතු­රු­පැ­දි­යක් එකි­නෙ­කට ගැටී­මෙන්  යතු­රු­පැ­දියේ ගමන් කළ දෙදෙ­නාම බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රුව යතු­රු­පැ­දියේ පිටු­පස ගමන් කළ තැනැත්තා ජීවි­ත­ක්ෂ­යට පත් විය.

අන­තු­රින් මිය­ගියේ බොර­ලැ­ස්ග­මුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ඩී.පී.එච්. ප්‍රිය­නාත් හේම­කු­මාර නමැති 38 හැවි­රිදි තැනැ­ත්තෙකි. යතු­රු­පැ­දිය කඩ­වත දෙසට ධාව­නය වෙමින් තිබි­යදී ටිපර් රථය ඊට ඉස්සර කිරී­මට යෑමෙන් මෙම අන­තුර සිදුව තිබිණ. තුවාල ලැබූ යතු­රු­පැ­දි­කරු කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කළ අතර, එහි පිටු­පස ගමන් කළ තැනැත්තා රාගම මහ රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසුව මිය­ගොස් තිබේ.

මිය­ගිය තැනැ­ත්තාගේ මරණ පරී­ක්ෂ­ණය ඊයේ (22) රාගම මහ රෝහ­ලේදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණ. අන­තු­රට සම්බන්ධ ටිපර් රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන එම පුද්ග­ලයා මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT