මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ කළුතර රාත්‍රී ආපණශාලා අටකට නඩු පැවරූ බව කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පෙරේදා (21) රාත්‍රී සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එකී ක්‍රියාමාර්ග ගෙන තිබේ. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව පවත්වාගෙන ගිය තවත් ආපණශාලා කිහිපයකට සහ මුළුතැන්ගෙයි සේවකයින්ට අවසන් නිවේදනද ලබාදෙනු ලැබීය. පිසූ ආහාර මැස්සන්ට සහ දූවිල්ලට නිරාවරණය වන පරිදි ප්‍රදර්ශනය කිරීම, මුළුතැන්ගෙයි සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් හරි හැටි පවත්වා ගෙන නොයාම ඇතුළු ස්වස්ථතා නීතිය උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය වූ බව වැටලීමට එක්වූ නිලධාරියකු පැවසීය.
ඉදිරියේ දී මෙහෙයුම් වරින්වර සිදුකිරීමට පියවර ගන්නා බවද කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි. මෙම මෙහෙයුම සඳහා කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 20ක් පමණ සහභාගි වූහ.