Sunday, May 11, 2025
Home » හමුදා නිල­ධා­රි­යාගේ එළ ගව­යින් දෙදෙ­නෙක් සොරා­ගෙන

හමුදා නිල­ධා­රි­යාගේ එළ ගව­යින් දෙදෙ­නෙක් සොරා­ගෙන

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

විශ්‍රා­මික යුද හමුදා නිල­ධා­රි­ය­කුගේ රුපි­යල් ලක්ෂ 06ක පමණ වටි­නා­ක­ම­කින් යුත් එළ ගව­යින් දෙදෙ­නකු සොරා­ගෙන ඇතැයි දකුණු කළු­තර පොලී­සිය කියයි.

කළු­තර, නාගොඩ පදිංචි මද්දු­මාගේ අනුර කුමාර ජය­සිංහ (අවු.50) යන අය

විසින් කරනු ලැබූ පැමි­ණි­ල්ලට අනුව මේ පිළි­බඳ පරී­ක්ෂණ ආරම්භ කළ බව පොලී­සිය පව­සයි. තමා වසර 10ක පමණ සිට මිතු­ර­කුට අයත් ඉඩ­මක ගව­යින් ඇති කරන අතර, ඉකුත් 20 වැනිදා රාත්‍රී 7.00ට පමණ ගව­යින් 06 දෙනා මඩුවේ ගැට ගසා සිටි බවත් පෙරේදා (21) උදෑ­සන 6.30ට පමණ, ගව­යින් දෙදෙ­නකු අඩු බවට මිතු­රා­ගෙන් දුර­ක­තන ඇම­තු­මක් ලද බවත් පැමි­ණි­ලි­කරු සඳ­හන් කළ බව පොලී­සිය කියයි.  පසුව තමා පැමිණ පරීක්ෂා කිරීමේ දී කිසි­වකු එළ ගව­යින් දෙදෙනා කඹ­ව­ලින් ලිහා රැගෙන ගොස්‍ ­තිබූ බව පැමි­ණි­ලි­කරු සිය පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇතැයි ද පොලී­සිය පව­සයි. මෙම සිද්ධිය සම්බන්ධ වැඩි­දුර පරී­ක්ෂණ දකුණු කළු­තර පොලී­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මිලාන්ත් ද සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT