Sunday, May 11, 2025
Home » බිරි­යට හා දරු­වන්ට පහ­ර­දුන් සැමි­යාට නිවෙ­සට ඇතු­ළු­වීම තහ­නම් කර­මින් අතුරු ආඥා­වක්

බිරි­යට හා දරු­වන්ට පහ­ර­දුන් සැමි­යාට නිවෙ­සට ඇතු­ළු­වීම තහ­නම් කර­මින් අතුරු ආඥා­වක්

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

වාරණ - ආනන්ද ඉ. ජය­කොඩි

නිතර බිරි­යට පහ­ර­දීම් කර­මින් දරු­වන් ද දැඩි පීඩා­වන්ට පත් කර ඇති බව කියන වග­උ­ත්ත­ර­කාර සැමි­ය­කුට එරෙ­හිව බිරිය හා දරු­වන් පදිංචි නිවෙ­සට ඇතු­ළු­වීම තහ­නම් කර­මින් පනවා තිබූ ආර­ක්ෂක අතුරු ආඥා­වක් වස­ර­කට බල­පැ­වැ­ත්වෙන පරිදි ස්ථිර කිරී­මට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (21) නියෝග කළේය.

තිහා­රිය ප්‍රදේ­ශයේ පදිංචි වග­උ­ත්ත­ර­කාර සැමි­ය­කුට එසේ බිරිය හා දරු­වන් පදිංචි නිවෙ­සට වස­රක කාල­යක් බල­පැ­වැ­ත්වෙන පරිදි ඇතු­ළු­වීම තහ­නම් කෙරිණි.

නිට්ට­ඹුව පොලී­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශය විසින් ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්වය යටතේ වග­උ­ත්ත­ර­කාර සැමි­යාට එරෙ­හිව නඩු­වක් ගොනු කර තිබිණ.

පෙර දින­යක වග­උ­ත්ත­ර­කාර සැමියා නොමැ­තිව පැමි­ණි­ලි­කා­රි­ය­ගෙන් සාක්ෂි සට­හන් කර ගැනී­මෙන් අන­තු­රුව බිරිය හා දරු­වන් පදිංචි නිවෙ­සට ඇතු­ළු­වීම තහ­නම් කර­මින් ආර­ක්ෂක අතුරු ආඥා­වක් නිකුත් කෙරිණි.

මෙම නඩුව නැවත කැඳවූ අව­ස්ථාවේ අධි­ක­ර­ණයේ නොතීසි මත වග­උ­ත්ත­ර­කාර සැමියා අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­මින් චෝද­නා­වට වරද පිළි­ගැ­නී­ම­කින් තොරව අධි­ක­ර­ණය නිකුත් කර ඇති ආර­ක්ෂක අතුරු ආඥාව පිළි­ගන්නා බව පවසා සිටි­යේය.

මෙහිදී වග­උ­ත්ත­ර­ක­රුගේ පිළි­ගැ­නීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එසේ එම ආර­ක්ෂක අතුරු ආඥාව වස­ර­කට බල­පැ­වැ­ත්වෙන පරිදි ස්ථිර කළේය.

නිට්ට­ඹුව පොලී­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි පොලිස් පරී­ක්ෂිකා වසු­න්දරා ගුණ­රත්න මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙ­ය­වූ­වාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT