Monday, May 5, 2025
Home » ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ අද ඉන්දි­යා­වට එරෙ­හිව පෙර­මුණ ගැනීමේ සට­නට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ අද ඉන්දි­යා­වට එරෙ­හිව පෙර­මුණ ගැනීමේ සට­නට

by Gayan Abeykoon
January 23, 2025 1:30 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

අවු­රුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ මූලික වටය යටතේ ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ අද (23) වත්මන් යොවුන් ලෝක ශූරි­යන් වන ඉන්දීය පිලට එරෙ­හිව තරග බිමට පිවි­සෙයි.

මැලේ­සි­යාවේ ක්වාලා­ල­ම්පූර්හි බයු­මස් ඕවල් පිටියේ පැවැ­ත්වෙන මේ තර­ගය මෙරට වේලා­වෙන් දහ­වල් 12.00ට ආරම්භ වීමට නිය­මි­තය. මේ තර­ගය සම­ඟින් ලෝක කුස­ලන තර­ගා­ව­ලියේ මූලික වටයේ තරග නිමා­වට පත් වෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව සමඟ ඉන්දි­යාව සුපිරි 6 වට­යට සුදු­සු­කම් ලබා සිටින බැවින් මේ තර­ගය ‘ඒ’ කාණ්ඩයේ පෙර­මුණ ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන සට­නක් බවට පත්ව තිබේ.

එක් කාණ්ඩ­ය­කින් රට­වල් 3ක් සුපිරි 6 වට­යට සුදු­සු­කම් ලබන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දි­යා­වට අම­ත­රව අද පැවැ­ත්වෙන බට­හිර ඉන්දීය කොදෙව් – මැලේ­සියා තර­ගයේ ජය­ග්‍රා­හ­කයෝ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි කණ්ඩා­යම ලෙස සුපිරි 6ට එක් වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව මූලික වටයේ සහ­භා­ගි වූ තරග දෙකම ජය ගනි­මින් ප්‍රාසද ලකුණු 4 බැගින් හිමි කර ගෙන සිටින අතර, දළ ලකුණු වේගය අනුව ඉන්දි­යාව (9.148) පළමු ස්ථානය ගනිද්දී ශ්‍රී ලංකාව (5.500) දෙවැනි ස්ථාන­යට පත්ව සිටී. ශ්‍රී ලංකාව සත්කා­රක මැලේ­සි­යාව ලකුණු 139කින් සහ බට­හිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරා­ජය කළ අතර, ඉන්දීය පිල කොදෙ­ව්වන්ට එරෙ­හිව කඩුලු 9ක සහ මැලේ­සි­යා­වට එරෙ­හිව කඩුලු 10ක ජය­ග්‍ර­හණ වාර්තා කළේය.

දැහැමි සෙනෙත්මා තරග 2කදී ලකුණු 86ක් රැස් කර­මින් පිති­කා­රි­නි­යන් අතර දෙවැනි තැන ගෙන ඇති අතර, එංග­ල­න්තයේ ඩවිනා පෙරින් පළමු තැන ගෙන ඇත්තේ තරග 3කදී ලකුණු 110ක් රැස් කර­මිනි. ඊයේ වන විට තර­ගා­ව­ලියේ කඩු­ලු­ලා­භි­නි­යන් අතර දෙවැනි තැන ගැනී­මට චමෝදි ප්‍රබෝධා සමත් වූයේ තරග 2කදී කඩුලු 6ක් බිඳ දම­මිනි. ස්කොට්ල­න්තයේ මයිසි මැසෙ­යිරා තරග 3කදී කඩුලු 7ක් දවා ගනි­මින් පළමු තැන සිටී.

මේ අතර ඊයේ ‘බී’, ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩයේ මූලික වටයේ තරග නිමා වූ අතර, එංග­ල­න්තය, අමෙ­රි­කාව සහ අය­ර්ල­න්තය ‘බී’ කාණ්ඩ­යෙන්, දකුණු අප්‍රි­කාව, නයි­ජී­රි­යාව සහ නව­සී­ල­න්තය ‘සී’ කාණ්ඩ­යෙන් සමඟ ඔස්ට්‍රේ­ලි­යාව, බංග්ලා­දේ­ශය සහ ස්කොට්ල­න්තය ‘ඩී’ කාණ්ඩ­යෙන් සුපිරි 6 වටයේ ස්ථාන වෙන් කර ගත්තේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT