Home » ‘වෝන් – මුරලි‘ තරගාවලිය සදහා ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්

‘වෝන් – මුරලි‘ තරගාවලිය සදහා ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්

by chanaka
January 23, 2025 9:13 am 0 comment

වෝන් – මුරලි ටෙස්ට් තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ මෙම ටිකට් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ඒ අනුව www.srilankacricket.lk. වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට් පත් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

මේ අතර ලබන 27 වැනිදා සිට උදෑසන 9 සිට සවස 5 දක්වා කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කවුන්ටරවලින් ටිකට් මිලදී ගැනීමට හැකියාව පවතී.

සිටගෙන නැරඹීම සදහා වන ටිකට් පතක් රුපියල් 500ක්ද, නගර සභා ක්‍රීඩා මණ්ඩපයේ පහත මාලයේ ටිකට් පතක් රුපියල් 7500ක් වේ. නගර සභා ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලේ, ගෝල් සී.සී. පහළ මහලේ, වී.අයි.පී. ඇතුළත ටිකට්පත් රුපියල් 10,000 ක්ද වේ. ගෝල් සී.සී. ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලේ ටිකට්පතක් රුපියල් 12,500ක් වේ.

එක්දින ක්‍රිකට් තරග සදහා වන ටිකට් පත් අලෙවිය පෙබරවාරි 07 වැනිදා ආරම්භ වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT