Friday, May 9, 2025
Home » මෙවර ශිෂ්‍යත්වයේ ප්‍රථමයාට ලකුණු 188ක්

මෙවර ශිෂ්‍යත්වයේ ප්‍රථමයාට ලකුණු 188ක්

by chanaka
January 24, 2025 12:01 pm 0 comment

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බව විභාග කොමරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අද(24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියේය.

ඉන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලකුණු 188ක් ලබාගෙන තිබේ.

ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙලෙස වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් බවද ඔහු පැවසීය.

නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව තිබේ. ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%ක් වේ. එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමකි.

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සමත්ව ඇත්තේ 15.12%ක ප්‍රමාණයකි.

එමෙන්ම මෙවර ප්‍රතිඵල අනුව දරුවන් 77.96%ක ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩිගෙන් ලබාගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT