Home » මහනුවර හා මහියංගනය මාර්ග දෙකක් නැවත දැනුම් දෙනතුරු වැසෙයි

මහනුවර හා මහියංගනය මාර්ග දෙකක් නැවත දැනුම් දෙනතුරු වැසෙයි

by yasara
January 24, 2025 4:49 pm 0 comment

මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ග වේ.අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග මතට ගල් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයයේ රථවාහන ධාවනයට බාධා එල්ලව තිබුණි.

ඒ අනුව එම මාර්ගයන්ට ඉහළින් ඇති ගල් කොටසක් ඉවත් කරන තෙක් මාර්ගය මතුපිට ඇති ගල් ඉවත් කිරීම අවදානම් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර ඇත.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම මාර්ග කොටසෙහි රථවාහන ධාවනය අත්හිටුවීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙයි.

මේ හේතුවෙන් මෙම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සඳහා පහත දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT