Home » කෝටි 27ක අයිස් මාලඹේ දී අත්අඩංගුවට

කෝටි 27ක අයිස් මාලඹේ දී අත්අඩංගුවට

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මාලඹේ කහන්තොට මාවතේ නි‍ෙවසක් පරීක්ෂා කර රුපියල් කෝටි 27කට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 11කට වැඩි ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පෙරේදා (22) සොයාගෙන ඇත.

විදේශගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවකුගේ මත්කුඩු ජාලය සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයකට අදාළව මෙම සෝදිසිය සිදුකර තිබේ.

එහිදී නි‍ෙවසේ සඟවා තිබී අයිස් කිලෝ 11ක් ග්‍රෑම් 02ක්, හොරොයින් ග්‍රෑම් 180ක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 255,000ක මුදලක් සොයාගෙන ඇත.

නි‍ෙවසේ මෝටර් රථයක්ද තිබී ඇති අතර මත්කුඩු ප්‍රවාහනයට එය යොදාගෙන ඇතැයි සැකරමින් එම රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මත්කුඩු තොගය සමඟ මල්වානේ පදිංචි 31 හැවිරිදි සැකකරුවකුද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT