Home » රාජකාරි වෙලාවේ සූර්වී නිදා සිටි පොලිස් නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග

රාජකාරි වෙලාවේ සූර්වී නිදා සිටි පොලිස් නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

සමාජ මාධ්‍යවල සංසරණය වන පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇඳුමින් බීමතින් නිදා සිටින වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්කර තිබේ.

පාණදුර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරීන් පිරිසක් එසේ රාජකාරි වේලාව තුළ බීමතින් නිදා සිට ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් දැඩි අප්‍රසාදය එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ප්‍රකාශකර ඇත.

වගකිවයුතු සෑම නිලධාරියකුටම එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

මෙම නිලධාරීන් රාජකාරියේ යොදවා සිටියදී රාත්‍රී කාලයේ මත්පැන් පානය කර ඇත්තේ යම් පුද්ගලයකු විසින් සංවිධානය කර ඇති සාදයකට සම්බන්ධ වෙමින් බවට තොරතුරුද ලැබී ඇත.

පොලිස් ස්ථානයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටිය යුතු නිලධාරීන් පොලිස් ස්ථානයේ නොමැතිකම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කළ සොයා බැලීමකදී මෙම නිලධාරීන් කෙළින් කටින් ඉන්න බැරි තරමට බීමත්ව නිදා සිටින බව දැනගන්නට ලැබී ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් නිල ඇඳුමින් සිටි නිලධාරීන් ඔසවාගෙන ජිප් රථයට දමාගන්නා අයුරුදු සංසරණය වන වීඩියෝවේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT