ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම්වරයකු වූ නීල් පෙරේරා මහතා ඊයේ (23) අභාවප්‍රාප්ත විය. මියයන විට 95 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබාදී තිබෙන අතර වසර විසිපහක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයකු ලෙසද කටයුතු කර තිබෙන ඒ මහතා 1995 – 1996 ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඵෙතිහාසික තරගාවලිය ආසියානු කලාපයේ පැවැත්වීමට එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළේය. ලෝකයේ රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටක් ලෙස සලකා එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී ඉන්දියාව හා පාකිස්තානය සමඟ එක්ව තරගාවලිය ආසියාවේ පැවැත්වීමට දැරූ උත්සාහය කැපී පෙනේ. කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට විශේෂයෙන් ක්‍රියා කළ ඒ මහතා පාණදුර ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකුසේම අනුශාසකවරයකු වශයෙන් ද කටයුතු කළේය. පාණදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඒ මහතා ශාන්ත ජෝන් බාලිකා පාසල් භාරකාර මණ්ඩලයේ සභාපති ලෙස මෑතක් වනතුරුම කටයුතු කළේය. දේහය හෙට (25) සිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු 26දා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් නීල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
දේහය හෙට සිට ජයරත්න මල් ශාලාවේ
by mahesh
January 24, 2025 1:00 am
0 comment
48
මීලඟ පුවත