58
වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී මේ දිනවල විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රියැදුරන්ට දැනුම් දෙයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ඇඳ හැලුණු වර්ෂාවත් සමග කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ගල් පෙරලීම් හා නායයෑමේ අවදානම් ඇති විය හැකි බවයි.
වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහනුවර- මහිංගණය මාර්ගයේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පාලම් හන්දියෙන් අද(24) උදෑසන 6.00 දක්වා තාවකාලිකව වසා දමා තිබුණි. ඒ ඊයේ(23) පස්වරු 6.00 සිටය.