බොරු කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නිසා ඒවා නිවැරදි කිරීමට අපට සිදු වෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව එහි මැති ඇමැතිවරුන්ට දෙන වරප්‍රසාද වැඩි කරගෙන තිබෙන බව ප්‍රකාශ කළා. එය නිවැරදි කරන්නම්. රනිල්ගේ ආණ්ඩුව කාලයේ ඩීසල් ලීටර් 1950 ක් දුන්නා. 2025 ජනවාරි 21 වැනි දා අපේ චක්‍ර ලේඛයෙන් ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ පරිහරණයට වෙන් කළ වාහන සංඛ්‍යාව උපරිම ලෙස දෙකක් වෙනවා. ඉස්සර වෙලා තුනක් තිබුණා. ඉන්ධන ගැන මෙහි තිබෙන්නේ ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ නිල වාහනය, වාහන වෙනුවෙන් ඉන්ධන ලීටර් මාසයකට 900 යි. කලින් තිබුණේ 1950 යි. ලීටර් 1050 ක් අඩුවෙන් අපි ගන්නේ. අන්න එහෙම කරන ආණ්ඩුවකට තමයි විපක්ෂය චෝදනා කරන්නේ. නිවාස එකක්වත් නියෝජ්‍ය ඇමැතිවරු ගෙන නැහැ. පසුගිය ආණ්ඩු කාලයේ ඒවා ගත්තා. මේවා සම්බන්ධයෙන් කීමට පෙබරවාරි මාසයේ දී මම විවාදයක් ඉල්ලනවා.
රෝහින්‍යා සරණාගත පිරිස සම්බන්ධයෙන් ආණ්ඩුව සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.
රෝහින්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කල් තැබීමේ විවාදයේදී ගෙනා යෝජනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසීය.
ආණ්ඩුව මුස්ලිම් විරෝධීව කටයුතු කරන බවට මේ යෝජනාව ගෙනා පුද්ගලයන් පෙන්වා දීමට උත්සාහයක් කරනවා. නමුත් එහි කිසිදු සත්‍යතාවක් නැහැ.ජාතික ජන බලවේගය අණ්ඩුව ජාති භේදයකින් තොරව සියලු ජනතාවට සැලකීමක් කරනවා. බෝට්ටුවේ එන සියලු දෙනා අපරාධකරුවන් කියන්නේ නැහැ. නමුත් ඔවුන් ළඟ කිසිදු ලියකියවිල්ලක් නැහැ. මේ පිරිසේ 116 න් නඩු තිබෙන්නේ 12 ක් ගැන විතරයි. අන්තර් ජාතික අපරාධකරුවන් පවා සරණාගතයන් ලෙස පැමිණ විශාල කලබැගෑනියක් කරන්න පුළුවන්. රෝහින්‍යා සරණාගතයන්ගේ ජීවිත අනතුරේ. මියැන්මාර ජනතාව ගැන මම දන්නවා. ඔවුන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමක් ආණ්ඩුව කරනවා. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අපි කටයුතු කරනවා. අපි ජාතිවාදී ආගම්වාදී මිනිසුන් නොවේ. පීඩාවට පත් වූ ජනතාවගේ පැත්ත අපි ගන්නවා.