Sunday, May 11, 2025
Home » එජාපය නැවතත් අලියා ලකුණින්

එජාපය නැවතත් අලියා ලකුණින්

පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන

by mahesh
January 24, 2025 1:00 am 0 comment

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් නැවතත් මේ වසරේදී බලගැන්වෙන බව පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“1994න් පසුව මේ රටේ ආර්ථිකය විවිධ අවස්ථාවල විවිධ නායකයන් ඉදිරියට ගෙනයෑමට උත්සාහ කළා. නමුත් විදේශීය බලපෑම් නිසා එය අසාර්ථක වුණා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය වෙන් කිරීමට විදේශ බලවේග ක්‍රියාත්මක කළා.

පසුකාලීනව ඇති වූ දේශපාලන සමාජ තත්ත්වයන් නිසා නැවත මේ රට කඩා වැටීම 2010දී ආරම්භ වුණා. 2017 පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය 2015 ජනවාරි මාසයේ පැවැත්වීමට රාජපක්ෂ පාලනයට සිදු වුණා. එම අවස්ථාවේදීත් විදේශ බලවේගවලට යටත්වීම නිසා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට එරෙහිව දේශපාලන ව්‍යාපාර සහ සිවිල් සංවිධාන විසින් බලපෑම් ඇති කළ නිසා එක්සත් ජාතික පක්ෂ නායකත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට සිදු වුණා. මේ සියලු දේ සිදු වුණේ අපගේ අසමගිය නිසයි.

අපේ පාක්ෂිකයන් බොහෝදෙනා විශ්වාස කළේ රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදා ජනපති වීමට නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂය එක අසුනට වැටී දේශපාලනිකව කඩාවැටී තිබියදීත් ආර්ථික බංකොලොත්භාවය නිසා අප සියලු දෙනාට යන එනමන් නැති වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි මාසෙ 12 වැනිදා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, ජූලි මස 12 වැනිදා වැඩ බලන ජනපති ලෙසත්, ජූලි මස 20 වැනිදා අටවෙනි විධායක ජනපති ධුරයේත් පිහිටුවන ලද්දේ එක්සත් ජාතික පක්ෂය බව අමතක නොකළ යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT