Thursday, May 15, 2025
Home » කුස්සියේ කුණුවලින් ගෑස් හදන බළන්ගොඩ මොහොමඩ්

කුස්සියේ කුණුවලින් ගෑස් හදන බළන්ගොඩ මොහොමඩ්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

බළන්ගොඩ විශේෂ - සම්පත් ප්‍රියනන්දන
ගෑස් නිප­ද­වීම සඳහා බැර­ල්ව­ලට කසළ යොදා ඇති අයුරු

නිවෙසේ මුළුතැන්ගෙයින් ඉවත දමන ලද කසළ භාවිත කර ගෑස් නිපදවා එම ගෑස් භාවිත කර ආහාර පිසීම සිදු කර කසළ කළමනාකරණ පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බළන්ගොඩ ගොරකගහමඩ පදිංචි මොහොමඩ් සිර්දවිස් මහතා විසින් ආරම්භ කර තිබේ.

නිවෙසේ එකතු වෙන කසළ පරිසරයට මුදා නොහැර පරිසර හානිය වළක්වා ගනිමින් මෙම ගෑස් නිපදවීම ආරම්භ කළ බව ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොහොමඩ් සිර්දවිස් මහතා මෙසේ පැවසීය.

මම විදේශ රටවල රැකියා කරලා තමයි මෑතකදි ලංකාවට ආවේ. ඉතින් මම තීරණය කළා නිවෙසේ මුළුතැන්ගෙයි එකතු වෙන කසළ පරිසරට මුදා හැරීමක් සිදු නොකර ඒවා භාවිත කර ගෑස් නිපදවීමට. මම වසරක විතර කාලයක් පරීක්ෂණ කරලා තමයි මේ දේ හොයා ගත්තේ. එම නිපදවන ගෑස් භාවිත කර නිවෙසේ ආහාර පිසීමද සිදු කිරීමට මට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. එම කසළ බැරල් පහකට දමා ඒවා දින කිහිපයක් ජීර්ණය වූ පසු මෙලෙස ගෑස් නිපදවීම සිදු කරනවා. නිවෙසට අවශ්‍ය බල ශක්තිය වියදමකින් තොරව ලබා ගැනීම සඳහා මෙම ව්‍යපෘතිය හොඳ පිටිවහලක් වෙනවා.

ලීටර් දෙදහසක පමණ බැරල් එකක් භාවිත කර කසළ ජීර්ණය කර කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් ප්‍රමාණයක් මෙයින් නිපදවා ගැනීමට හැකියාව තිබෙනවා. මේ සඳහා වැය වෙන වියදම අවුරුද්දකට වඩා අඩු කාලයකින් ලබා ගත හැකි අතර ඉන් පසුව නිපදවන ගෑස්වලින් විශාල ආදායමක් ලබා ගත හැකිය. එම තත්ත්වය දක්වා මෙම ව්‍යපෘතිය දියුණු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

නව නිපැයුම්කරණයේ කැනඩාවේ පැවති ජාත්‍යන්තර තරගාවලියේදී කසළ කළමනාකරණය සම්බන්ධයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. නව රජය විසින් ආරම්භ කර ඇති පරිසරය ආරක්ෂා කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනටද මෙම ව්‍යාපෘතිය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න මම කටයුතු කරනවා.

ගෑස් නිපදවා ඉතිරි කොටස අතුරු නිෂ්පාදනයක් ලෙස කාබනික දියර පොහොර නිපදවීමට ද මම කටයුතු කරනවා. එම දියර පොහොර එළවළු, මල් පැළ වැනි ශාකවලට යෙදීමෙන් හොඳ ප්‍රතිපල ලැබිලා තිබෙනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT