විදේශීය දුම්වැටි පහළොස් දහසකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට අලෙවි කිරීමට කටයුතු කරමින් සිටි අයකු පාලවිය ගුවන් හමුදා කදඳවුරු බුද්ධි නිලධාරින්ගේ තොරතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අදාළ විදේශීය දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකි. පාලවිය ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් කාලයක් පුරා සිය බුද්ධි මෙහෙයුමකින් සනාථ කර ගත් සැකකරුවකුගෙන් අදාළ විදේශීය දුම්වැටි 15800ක සංඛ්‍යාව මිලදී ගැනීම සඳහා උපාය දූතයින් යොදවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
අදාළ විදේශීය දුම්වැටි තොගය ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා මඟින් රැගෙන විත් ඉන් පසුව අලෙවි කිරීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හා අදාළ විදේශීය දුම්වැටි තොගය ඉදිරි පරීක්ෂණ සඳහා පුත්තලම මූලස්ථාන පොලීසියට භාර කර තිබේ.