Home » ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති අනුරගෙන් හෙළිදරව්වක්

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති අනුරගෙන් හෙළිදරව්වක්

by chanaka
January 26, 2025 11:42 am 0 comment

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක පසුගිය පරිපාලන සමයේ ඇඟිලි ගැසීම් වැළැක්වීම සඳහා නඩු ගොනුවක් සඟවාගෙන තබා සිටි සිද්ධියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙළි කර තිබේ.

ඒ් අනුව ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බව
හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඊයේ(25) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

එවැනි නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ,

“නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක්. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා ප්‍රකාශ කර තිබුණා. එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා. අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”

වත්මන් රජය බලයට පත්වූ කෙටි කාලය තුළ රටෙහි සිදු වී ඇති වෙනස විපක්ෂයේ කණ්ඩායම්වලට දරාගත නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT