Home » සුනඛයෙක් අමානුෂිකව ඝාතනය කළ කන්තාවක් අත්අඩංගුවට

සුනඛයෙක් අමානුෂිකව ඝාතනය කළ කන්තාවක් අත්අඩංගුවට

by chanaka
January 27, 2025 1:30 pm 0 comment

මාන්කුලම් ප්‍රදේශයේ දී සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

48 හැවිරිදි මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගෙල කඹයකින් සිරකර අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සුනඛයෙකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම් පොලීසිය විසින් අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT