පසුගිය රජය විසින් පෞද්ගලික අංශයට විකිණීමට තීරණය කර තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වර්තමාන රජය විසින් කිසි විටෙක විකිණීමක් සිදු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එහිදී ඇමැතිවරයා විසින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය හමුවේ ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ජාතික අවශ්‍යතාවට සරිලන කිරි නිෂ්පාදනය දේශීයව සිදු කිරීම වෙනුවෙන් ඉදිරි වසර පහ තුළ සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී ඇමැතිවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
එසේම වර්තමාන රජයේ ඉදිරි ජාතික වැඩපිළිවෙළ අනුව පශු සම්පත් ක්ෂේත්රයේ ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකි දායකත්වය ද ඇමැතිවරයා විසින් අවධාරණය කරන ලදි.
බුද්ධිකා ඉඹුලාන