Home » ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ ගාමිණි වික්‍රමපාල

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ ගාමිණි වික්‍රමපාල

by sachintha
January 27, 2025 1:26 am 0 comment

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පසුගියදා (23) එම ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු ලෙස වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ඒ මහතා මීට පෙර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත්, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ අධිකාරියේ සභාපතිවරයා ලෙසත් වගකීම් දරා තිබේ.

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ගාමිණි වික්‍රමපාල මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැති සුනිල් ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහත්වරු සහභාගි වූහ.

මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT