ආර්ථික අර්බූදයකට රට පත්වෙන බව පාර්ලිමේන්තු අය වැය විවාද කීපයකදීම සාකච්ඡා වුණත් කිසිදු ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පිළියම් නොගැනීම නිසා රටට මෙවන් තත්වයක් උදා වීමට හේතු වූ බව හිටපු ඇමැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ආසියා ප්‍රගති සංවිධානය මඟින් සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාවට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම සභා රැස්වීමේදී ඩිව් ගුණසේකර මහතා මෙසේ ද පැවසීය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වමේ ආණ්ඩුවක් වීම ගැන සතුටුයි. නමුත් ආණ්ඩුව පිහිටුවීමට පෙර මැතිවරණ සමයේදී මෙම අර්බූදය ගැන නිසි ලෙස කතා වුණේ නැහැ.කිසිදු තැනක කිසිම පක්ෂයක් මේ ප්රශ්නය ගැන අවදානයක් යොමු කළේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ කිසිවකු හෝ කොතැනකදීවත් ප්‍රකාශයක් කර තිබූණේ නැහැ.
එමෙන්ම මේ ආණ්ඩුව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගිය මාර්ගයේ ම බව කිවයුතු කරුණක් වෙනවා.එයින් මුදවාගෙන ප්රගතිශීලී මාවතකට ආණ්ඩුව තල්ලු කිරීම ඉතා වැදගත්.විශේෂයෙන් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න නිසි ලෙස අවබෝධයෙන් කළමණාකරණය කර ගත්තේ නැති නම් ඇතිවන ප්‍රශ්න අතිවිශාලයි.පෞද්ගලික න්‍යාය පත්රවලට වැඩ කිරීමට යෑමෙන් ගෝඨාභයට, මහින්දට, ඒ වගේම රනිල්ට සිදු වුණේ ජනතා විරෝධය ඉදිරියේ අසරණ වීම පමණයි.
ආචාර්ය සුමනසිරි ලියනගේ, සුනිල් අබේවර්ධන, මහාචාර්ය චරිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ,මහත්වරුද මෙම සභාව ඇමතූ අතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලෙකම් වෛද්‍ය ජී. විරසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මැද කොළඹ – ආරියරත්න ගණේගොඩ,
කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන