Tuesday, May 6, 2025
Home » ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට උඩින් කේරළ ගංජා පාර්සලයක්

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට උඩින් කේරළ ගංජා පාර්සලයක්

by sachintha
January 27, 2025 1:48 am 0 comment

ගාල්ල බන්ධනාගාර තාප්පයට ඉහළින් විසි කළ පාර්සලයක තිබී කේරළ ගංජා, ජංගම දුරකතන ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට එම බන්ධනාගාර නිලධාරීන් සමත්වී ඇත.

පෙරේදා(25) පස්වරු 06.30ට පමණ ගාල්ල බන්ධනාගාරයට පිටතින් ඇති තාප්පයට ඉහළින් පුද්ගලයකු විසින් බන්ධනාගාරයට යම් පාර්සලයක් විසි කළ බව එදින බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් දැක තිබේ. මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේදී කේරළ ගංජා ප්‍රමාණයක්, ජංගම දුරකතන 02ක්, ජංගම දුරකතන බැටරි 02ක්, බැටරි ආරෝපණ 02ක් සහ දුම්කොළ 32ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත්වී ඇත. කේරළ ගංජා යැයි සැක කළ හැකි තහනම් ද්‍රව්‍ය ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමටත්, දුම්කොල සියල්ල ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටත් හා සෙසු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය මඟින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT