Home » ASEAN ආරක්ෂක සමුළුව සාර්ථකව නිමවෙයි

ASEAN ආරක්ෂක සමුළුව සාර්ථකව නිමවෙයි

by sachintha
January 27, 2025 1:52 am 0 comment

26 වැනි ASEAN කලාපීය සංසදයේ ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආයතනවලට සම්බන්ධ ප්‍රධානීන්ගේ සමුළුව පසුගිය දා (23) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මෙවර සමුළුවේ පූර්ණ සත්කාරකත්වය දැක්වීය. කලාපීය වශයෙන් අතිශය වැදගත් මෙම සමුළුව සඳහා ASEAN කලාපීය රටවල ආරක්‍ෂක අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන්, පීඨාධිපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළුව ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන බොහෝමයක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ. ලොව පුරා ආරක්‍ෂක අධ්‍යාපන ආයතන අතර සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය පෝෂණය කිරීම අරමුණු කරගත් ප්‍රධාන සැසි වාර 03කින් සමන්විත වූ මෙවර සමුළුවට සහභාගි වූ රටවල නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT