Home » ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

by chanaka
January 27, 2025 11:20 am 0 comment

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවයි.

2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT