Home » කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති තෛපොංගල් සැමරුම

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති තෛපොංගල් සැමරුම

by chanaka
January 27, 2025 12:40 pm 0 comment

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෛපොංගල් උත්සවයක් පසුගියදා(24) එම තානාපති කාර්යාලීය පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීණි.

ඒ වැඩබලන තානාපති අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ලොව පුරා සිටින ද්‍රවිඩ ජනතාවගේ වඩා වැදගත් සංස්කෘතික උත්සවයක් වන තෛපොංගල් උත්සවය සදහා එරට රැදී සිටින ශ්‍රී ලාංකික රැකියා කරන ද්‍රවිඩ ජාතිකයන් පිරිස , විවිධ ආගමික කණ්ඩායම් වල නියෝජිතයන් සහ කුවේට් රාජ්‍යයේ වෙසෙන ද්‍රවිඩ ඩයස්පෝරාවේ සමාජිකයන් ද සහභාගී වී සිටියහ.

විවිධ සාම්ප්‍රදායික සහ සංස්කෘතික ක්‍රියාකාරකම්, විචිත්‍ර කෝලම් රටා, සම්ප්‍රදායික ද්‍රවිඩ නැටුම් , කවි ගායනා සහ පොංගල් බත් පිසීම ද කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති තෛපොංගල් උත්සවය විචිත්‍රවත් කර තිබුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT