Home » ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

by chanaka
January 27, 2025 1:29 pm 0 comment

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ.

පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ලැබුණි.

රජය පවසන්නේ, පෙබරවාරි 28 වැනිදා දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT