ගල්කිස්ස, විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී ඉකුත් 24 වැනිදා උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීමකදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්, මත්පෙති 320ක්, මත් මුද්දර 129ක් සමඟ වායු පිස්තෝල අවියක් සහ තියුණු කඩු දෙකක් තම සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු, දැනට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කෙසෙල්වත්තේ ඉන්දික‘ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එම සිරකරුගේ මෙහෙයවීම මත මෙරට විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයෙහි වටිනාකම රුපියල් කෝටි එකහමාරකට ආසන්න බව පොලීසිය පවසයි.
මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය විවිධ පැති ඔස්සේ විමර්ශන සිදුකරයි.
කළුතර මධ්‍යම විශේෂ
කොට්ටාව – ප්‍රදීප් කුමාර
බණ්ඩාරගම- බිමල් ජයසිංහ