Sunday, May 11, 2025
Home » මංකඩ වරායේදී මාදැලකට පරව් මත්ස්‍යයෝ 2000ක් අහුවෙලා

මංකඩ වරායේදී මාදැලකට පරව් මත්ස්‍යයෝ 2000ක් අහුවෙලා

by sachintha
January 27, 2025 1:17 am 0 comment

බළපිටිය, මංකඩ මාදැල් වරායේදී ධීවරයින් පිරිසක් එකතුව පෙරේදා (25) පෙරවරුවේ වට කරන ලද මාදැලකට පරව් මත්ස්‍යයෝ 2000කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකිවී තිබේ. එකෙක් කිලෝ ග්‍රෑම් 04ත් 05ත් අතර වන මෙම පරව් මත්ස්‍යයින්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න බව මෙම ධීවරයින්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඒ. දයාරත්න ද සිල්වා මහතා (65) ප්‍රකාශ කළේය.

මෙවර මාදැල් වාරය ආරම්භ වී මේ වන විට මාස 03ක් පමණ ගත වී ඇති බවත් මෙතෙක් හරි හැටි මාළු අස්වැන්නක් හසු නොවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මාදැල් කර්මාන්තය කර ගැනීමට හැකියාව ඇත්තේ වසරේ මාස 06ක් පමණක් වන වලාලේ කාලයට පමණක් වන බව පැවසූ ඒ මහතා, ධීවරයින් වාරකන් කාලයේදීද ජීවත් වන්නේ වලාලේ කාලයේදී උපයා ගන්නා ලද මුදලින් බවද ප්‍රකාශ කළේය. මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමේදී උපරිම මුදලක් ධීවරයින්ට ලැබෙන සේ අලෙවි කර ගැනීමේ ගැටලුව දිගු කාලීනව පවතින බවත්, ඒ සඳහා මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවත් දයාරත්න ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT