Home » 7 වැනි වරටත් බෙලරුසියාවේ ජනපති ලුකෂෙන්කෝ
විපක්ෂයේ-යුරෝපා හවුලේ විරෝධතා මැද

7 වැනි වරටත් බෙලරුසියාවේ ජනපති ලුකෂෙන්කෝ

by sachintha
January 28, 2025 1:25 am 0 comment

බෙලරුසියාවේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ඇලෙක්සාන්ඩර් ලුකෂෙන්කෝ 7 වැනි වරටත් ජයග්‍රහණය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයේදී ලුකෂෙන්කෝ 87%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළ ද, මැතිවරණය දූෂිත බවට බෙලරුසියාවේ විපක්ෂය සහ යුරෝපා මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. යුරෝපා හවුල මේ වන විටත් එම මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු මැතිවරණය අවසන් වීමටත් පෙර රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පැය හතරහමාරක සජීවී මාධ්‍ය හමුවක් පවත්වමින් සිය ප්‍රතිවාදීන්ට බන්ධනාගාරය හෝ රටින් පිටුවහල් වීම තෝරාගත හැකි බවට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 1994 සිට මේ දක්වා දශක 3කට වැඩි කාලයක් බෙලරුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලුකෂෙන්කෝ තවත් වසර 5කට සිය කාලසීමාව දීර්ඝ කරගැනීමට ව්‍යාජ මැතිවරණයක් පැවැත්වූ බවත්, එම මැතිවරණය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොවූ බවත් කියමින් විපක්ෂය විරෝධතාව පළ කර තිබේ. ප්‍රතිවාදී දේශපාලනඥයන් රැසක් සිරභාරයට ගැනීමට හෝ රටින් පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා පසුගිය වසර ගණනාවක් පුරා කටයුතු කර ඇතැයි ද, අවසන් වසර 4 ඇතුළත ඔහු විවේචනයට ලක් කළ පුද්ගලයන් 65,000ක් සිරභාරයට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT