Home » දේශගුණික විපර්යාසවල වැඩිම අවදානම අප්‍රිකානු කලාපයට

දේශගුණික විපර්යාසවල වැඩිම අවදානම අප්‍රිකානු කලාපයට

-කාලගුණ විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

by sachintha
January 28, 2025 1:27 am 0 comment

අප්‍රිකානු මහාද්වීපය ගෝලීය දේශගුණික විපර්යාස සම්බන්ධව වැඩිම අවදානම සහිත කලාපය බවට පත්වී ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නියඟ, ගංවතුර, අධික උණුසුම සහ සුළි සුළං ඇතුළු දරුණු දේශගුණික බලපෑම් හේතුවෙන් අප්‍රිකානු මහාද්වීපය ඉහළ අවදානමක් සහිත කලාපය ලෙස හඳුනාගෙන ඇති අතර, ගෝලීය හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමට අඩුම දායකත්වය ලබාදෙන එම කලාපයේ මුහුදු මට්ටම ඉහළ ගොස් ඇතැයි ද ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

වසර 2022 අප්‍රේල් මාසයේදී දකුණු අප්‍රිකාවේ නේටාල් සහ නැඟෙනහිර කේප් නුවරට බලපෑ මාරාන්තික ගංවතුර තත්ත්වයෙන් හා වාර්තාගත වර්ෂාපතනයෙන් පසු නේටාල් විශ්වවිද්‍යාලය සහ ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඒකාබද්ධව පර්යේෂණයක් සිදු කර තිබූ අතර, එහිදී අනාගතයේදී අප්‍රිකානු කලාපයේ සිදුවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳ බලධාරීන්ට අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT