කොලොම්බියාවෙන් ආනයනය කරනු ලබන කෝපි ඇතුළු සියලු භාණ්ඩ සඳහා අධික තීරුබදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හේතුවෙන් දහස් සංඛ්‍යාත සිය සංක්‍රමණික වැසියන් යළි භාර ගැනීමට කොලොම්බියානු රජය එකඟතාව පළ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව එරට සිටින සියලු අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබූ අතර, එරට සිටින සිය පුරවැසියන් නැවත නැවත භාර නොගන්නා බව කියමින් කොලොම්බියානු රජය ඔවුන් රැගත් අමෙරිකානු හමුදා ගුවන්යානාවලට සිය රටට ගොඩ බැසීමට අවසර නොදෙන බවට මීට පෙර නිවේදනය කර තිබිණි.
අමෙරිකාවට සංක්‍රමණය වූ සිය පුරවැසියන් යළි භාර ගැනීමට රජය තීරණය කළ බවත්, අමෙරිකානු හමුදා ගුවන්යානාවලට අමතරව කොලොම්බියානු රජයේ ගුවන්යානා ද ඒ සඳහා යොදවන බවත් එරට විදේශ ඇමැති ලුයිස් ගිල්බර්ටෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.