Home » ලෝක බැංකුවෙන් පාකිස්තානයට ඩොලර් බිලියන 20ක ණය පැකේජයක්

ලෝක බැංකුවෙන් පාකිස්තානයට ඩොලර් බිලියන 20ක ණය පැකේජයක්

by sachintha
January 28, 2025 1:31 am 0 comment

පාකිස්තානය මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදය මැඬ පැවැත්වීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20ක ණය මුදලක් අනුමත වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර 10ක සහන කාලසීමාවක් යටතේ මේ ණය පැකේජය අනුමත වීම පිළිබඳ පාකිස්තාන රජය සතුටට පත්වූවද, බලුකිස්තානය හා කයිබර් පක්ටුන්ක්වා වැනි ප්‍රාන්තවල දේශපාලන බෙදීම් සහ දුර්වල ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ණය පැකේජය ක්‍රියාත්මක වීම සැලකිය යුතු අභියෝගයකට ලක්වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විවිධ ණය පැකේජවල කොන්දේසි සපුරාලීමේදී පාකිස්තානයෙන් දුර්වල වාර්තා ඉදිරිපත් වන බවත්, කොන්දේසි සපුරාලීමට අසමත් වීම මත පාකිස්තානයේ බලශක්ති වැඩසටහන සඳහා එරට රජයෙන් ඉදිරිපත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල පසුගිය මාසයේදී ලෝක බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් වාර්තා වේ.

එබැවින් එරට වත්මන් දේශපාලන හා පරිපාලන දුර්වලතා සැලකිල්ලට ගෙන ලෝක බැංකුවෙන් අනුමත කළ ණය මුදල ඉදිරි මාස කිහිපයේදී ප්‍රමාද වීමට, සංශෝධනය වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT